තැපැල් දුම්රිය 6ක් නවතී


(මධූෂිකා පෙරේරා)
අද (16) පස්වරුවේ ධාවනය කිරීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය ගමන් වාර 6 ක් සහ තවත් දුම්රිය ගමන් වාරයක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
කොළඹ කොටුව සිට කන්කසන්තුරය, ත්‍රීකුණාමළය සහ මඩකළපුව දක්වා ධාවන වන රාත්‍රී තැපැල් දුම්රියන් සහ  කන්කසන්තුරය, මඩකළපුව හා ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියන් මෙසේ අවලංගු කළ බවත් කොළඹ කොටුව සිට රඹුක්කන බලා රාත්‍රී 11.00 ට ධාවන කිරීමට නියමිතව තිබූ දුම්රිය ද අවලංගු කළ බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.  
දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට වැඩවර්ජන හේතුවෙන් මෙම දුම්රිය වාර අවලංගු කිරීම කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ආරංචි මාර්ගසඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.