(සාලිය සමන්)
උද්ධමනය සහ අධික බදු හේතුවෙන් සේවකයින්ට මුහුණ දීමට සිදුවූ අපහසුතාව මග හැරවීමට මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් ඉහළ දැමූ බව ශ්රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය ප්රකාශ කළේය.
ආර්ථික අපහසුතාව මාධ්යයේ පෞද්ගලික බැංකු සහ ආයතන විවිධ ක්රියාමාර්ග ගත් ආකාරයටම සෙසු ක්ෂේත්රවල වැටුප් ද සංශෝධනය විය යුතු යැයි එම සංගමය පිළිගන්නා බවත් ශ්රී ලංකා මහ බැංකුවේ පළපුරුදු නිලධාරීන් 100 කට ආසන්න සංඛ්යාවක් පසුගිය වසරක පමණ කාලය තුළ අහිමිවූ බවත් එම සංගමය කීය.
ඉවත්ව ගිය සෙවකයන් ලෝක බැංකුව, ඊට අනුබද්ධිත ආයතන, එංගලන්ත මහ බැංකුව සහ පොදු රාජ්ය මණ්ඩලීය ලේකම් කාර්යාලය ඇතුළු ජාත්යන්තර ආයතන රැසක සේවයට ගොස් ඇති බව ද කී එම සංගමය මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි නොවූයේ නම් ඉතිරි නිලධාරීන්ගෙන්ද සැළකිය යුතු ප්රමාණයක් රට හැර යාමට තිබූ බව ද සඳහන් කළේය.


