උපුල් තරංග ‘වේවැල’ අතට ගනී  


(ෂෙනික ගමගේ)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ ක්‍රියාත්මක සෙසු තේරීම් කමිටු තෝරන ක්‍රිකට් සංචිතවලට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ අනුමැතිය අනිවාර්යෙන් තිබිය යුතු යැයි ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග මහතා අද (27) සෙසු තේරීම් කමිටුවලට දැනුම් දී තිබේ.
කාන්තා ක්‍රිකට් සංචිත සහ වයස 19 න් පහළ ක්‍රිකට් සංචිත තේරීමේ අවසන් බලය ජාතික තේරීම් කමිටුවට තිබිය යුතු බවත් සියලුම ජාතික ක්‍රිකට් කණ්ඩායම්වලට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ අනුමැතිය අනිවාර්ය බවත් එහිදී උපුල් තරංග මහතා පවසා තිබේ.  
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද පැවැති සාකච්ඡාවකදී උපුල් තරංග එසේ පවසා ඇත.
වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳව අවදානය යොමු කර මෙම තීරණය ගෙන ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.