දේශබන්දුට පොලිස්පති ධූරය අහිමිවෙයි


(ඔගස්ටා පෙරේරා)
පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරුතහනම්  නියෝගයක් අද (24) නිකුත් කර තිබේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා  ඇතුළු පාර්ශව කීපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 9 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
මෙම පැමිණිල්ල ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් වශයෙන්  නම් කරමින් ගොනුකර තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.