ඉන්දියාව තරගාවලිය ජය ලබයි


(ෂෙනික ගමගේ, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සිට..)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (28) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ඉන්දීය පිල කඩුලු 7 කින් (ඩක්වත් ලුවිස් න්‍යායට) ජය ලැබීමට සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය 2-0 ක් ලෙස ජය ලැබීය.
ඉන්දීය පිල ලකුණු 78 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 6.3 කදී කඩුලු 3 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ඉන්දීය ඉනිමේ පළමු ඕවරයේදී වර්ෂාව පතිත වීමෙන් තරගය අත්හිටුවීමට සිදුවීමෙන් ඉන්දියාවට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕවර 8 කදී ලකුණු 78 ක ඉලක්කය සම්පූර්ණ කිරීමට සිදුවිය.
ශ්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලු 9 ට 161
(පැතුම් නිස්සංක 32, කුසල් පෙරේරා 54, කමිඳු මෙන්ඩිස් 26, චරිත් අසලංක 14, රමේෂ් මෙන්ඩිස් 12, අර්ෂ්දීප් සිං 24/2, රවී බිෂ්නෝයි 26/3, හර්ද්‍රික් පාණ්ඩියා 24/2)
ඉන්දියාව ඕවර 6.3 කදී කඩුලු 3 ට 81
(යෂාස්වි ජයිස්වාල් 30, සුර්යකුමාර් යාදේව් 26, හර්ද්‍රික් පාණ්ඩියා නොදැවී 22, මහීෂ් තීක්‍ෂණ 16/1, මතීෂ පතිරණ 18/1, වනිඳු හසරංග 34/1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.