දේශීය පුවත්, ප්‍රධාන පුවත
අනුර ජනාධිපති ධූරයේ දිවුරයි
(සාලිය සමන්)
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (23) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
අනුර කුමාර දිසානායක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධි ධාරියෙක් වන අතර වසර 20 කට අධික කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ද ඒ මහතා කටයුතු කරයි.


