ක්‍රීඩා, දේශීය පුවත්
ශම්මි ක්‍රිකට් සභාපති ධූරයට සිවුවැනි වරටත් පත්වෙයි
(ඔගස්ටා පෙරේරා)
ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට නැවතත් අද (31) පත්විය.
ශම්මි සිල්වා මහතා 2025-2027 කාලය සඳහා නැවත පත්වූ අතර ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පත්වූ සිවුවැනි අවස්ථාව ද මෙය වේ. එහිදී ශම්මි සිල්වා මහතා සභාපති ධූරයට නිතරගයෙන් පත්වීම ද කැපී පෙනුණි.
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් වන ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ තවත් ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් වන බන්දුල දිසානායක මහතා පත්වීම ද කැපී පෙනේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 64 වැනි වාර්ෂික මහා සභාව සහ නිලවරණය අද පැවැත්විණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (2025 – 2027) නව නිලධාරී මණ්ඩලය:
සභාපති – ශම්මි සිල්වා, උප සභාපතිවරු – ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න, ප්‍රධාන ලේකම් – බන්දුල දිසානායක, භාණ්ඩාගාරික – සුජීව ගොඩලියැද්ද, උප ලේකම් – ක්‍රිෂාන්ත කපුවත්ත සහ උප භාණ්ඩාගාරික – ලසන්ත වික්‍රමසිංහ යන මහත්වරු


