දේශීය පුවත්, වාණිජ විත්ති
කොටස් වෙළෙඳපොළ ගැම්මක්
(ඔගස්ටා පෙරේරා)
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය අද (26) වාර්තා විය.
අද දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,740 ක් ලෙස සටහන් වූ බවත් එය පසුගිය ජූනි 12 වැනි දින වාර්තා වූ ඒකක 17,661 ක් වූ ඉහළ අගයේ වාර්තාව අභිබවා ගිය බවත් කොටස් වෙළෙදපොල පවසයි.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 204.84 කින් අද දිනය ඉහළම ගිය බව ද එම වෙළෙඳපොල කීය.
එස් ඇන්ඩ් පී එස්එල්20 දර්ශකය ඒකක 46.34 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 5,265.35 ක් ලෙසින් සටහන් වූ බවත් රුපියල් බිලියන 6.85 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වූ බවත් කොළඹ කොටස් වෙළෙඳපොල වැඩි දුරටත් සඳහන් කළේය.


