දේශීය පුවත්, ප්රධාන පුවත
කොළඹ නගරාධිපතිනියට විපක්ෂයෙන් උපදෙසක්
(සාලිය සමන්)
නගරාධිපතිනී ව්රායි කැලී බල්තසාර් මහත්මිය එම නගර සභාවේ රාජ්ය නිලධාරීන්ගෙන් පරිස්සම් වියයුතු බවත් රාජ්ය නිලධාරීන් මීට පෙර පැවැති එම නගර සභාවේ සභාවල පක්ෂ සහ විපක්ෂ සියලුම මන්ත්රීවරු අමාරුවේ දැමූ බවත් එම නගර සභාවේ සමඟි ජනබලවේයේ මන්ත්රී රෝයි බෝගහවත්ත මහතා පැවසීය.
කොළඹ මහ නගර සභා ශ්රවණාගාරයේ ඊයේ (26) පැවැති මහ සභා රැස්වීමේදී රෝයි බෝගහවත්ත මහතා එසේ පැවසීය.
‘කොරෝනා’ වසංගතයක්ව පැවැති සමයේ කොළඹ මහ නගර සභාව රුපියල් මිලියන 47 ක මුදලක් වැයකරමින් පීඩාවට පත්ව සිටි කොළඹ නගර සීමාවේ ජනතාවට ‘වවුචර්’ බෙදූ බවත් ඒ පිළිබඳව කළ විමර්ෂණයකදී රාජ්ය නිලධාරීන් සභාවේ මන්ත්රීවරු බිත්තියටම හේත්තු කළ බවත් ඒ මහතා කීය.
රාජ්ය නිලධාරීන් ‘වවුචර්’ චෝදනාවට මන්ත්රීවරු වරදකරුවන් වන ලෙස කටයුතු කිරීම නිසා මන්ත්රීවරු ‘වවුචර්’ සොරකම් කළේ යැයි හැගීමක් ජනතාව තුළ ඇති වූ බව කී බෝගහවත්ත මහතා ඒ හේතුවෙන් රාජ්ය නිලධාරීන් සමඟ කටයුතු කිරීමේදී නගරාධිපතිනිය පරිස්සම් වියයුතු බව ද වැඩි දුරටත් සඳහන් කළේය.


