ක්‍රීඩා
ආබාධයකට ලක්වූ මිලාන් එක්දින සංචිතයට
(ෂෙවෝන් ප්‍රනාන්දු)
බංග්ලාදෛ්ශය එරෙහිව එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් 16 කින් සමන්විත ශ්‍රී ලංකා එක්දින සංචිතයට ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන මිලාන් රත්නායක කැඳවා තිබේ.
මිලාන් ආබාධයෙන් සුව අතරට පත්වුවහොත් පමණක් එක්දින තරගාවලියට සහභාගි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
බංග්ලාදේශයට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසුව මිලාන් රත්නායක කොන්දේ ආබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහුට දෙවැනි ටෙස්ට් තරගය අහිමිවිය.
තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලිය ලබන ජූලි මස 2 වැනිදා ආරම්භ වේ. මෙම තරගාවලියේ පළමු තරග දෙක කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන ජූලි මස 2 වැනිදා සහ 5 වැනිදා පැවැත්වීමට නියමිතය. තුන්වැනි සහ අවසන් එක්දින තරගය මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ජූලි මස 8 වැනිදා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, නිෂාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, මිලාන් රත්නායක (ශාරීරික යෝග්‍යතාව අනුව ක්‍රීඩා කිරීම තීරණය වේ) ඩිල්ෂාන් මධුසංඛ, අසිත ප්‍රනාන්දු සහ ඒෂාන් මාලිංග


