ක්රීඩා
ශ්රී ලංකාවට ලකුණු 77 ක ජයක්
(ෂෙවෝන් ප්රනාන්දු, ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේ සිට..)
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්යන්තර ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේදී අද (2) පැවැති දිවා රාත්රී තරගයෙන් ශ්රී ලංකා ක්රීඩකයෝ ලකුණු 77 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ජයග්රහණය සඳහා ලකුණු 245 ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශය පිල ඕවර 35.5 කදී ලකුණු 167 කට සීමා විය.
වනිදු හසරංග (10/4) සහ කමිදු මෙන්ඩිස් (19/3) විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ජයග්රහණයේ නියමුවන් බවට පත්වූහ.
දෙරට අතර දෙවැනි එක්දින ජාත්යන්තර ක්රිකට් තරගය ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේදී මේ මස 5 වැනිදා පැවැත්වීමට නියමිතය.
ලකුණු පුවරුව
ශ්රී ලංකා පිල ඕවර 49.2කදී සියලු දෙනා දැවී 244
(කුසල් මෙන්ඩිස් 45, චරිත් අසලංක 106, ජනිත් ලියනගේ 29, මිලාන් රත්නායක 22, වනිදු හසරංග 22,: ටස්කින් අහමඩ් 47/4)
බංග්ලාදේශ පිල ඕවර 35.5 කදී සියලු දෙනා දැවී 167
(ටශීඩ් හසන් 62, නජ්මුල් හොසේන් ෂැන්ටෝ 23, ජේකර් අලී 51, වනිදු හසරංග 10/4, කමිඳු මෙන්ඩිස් 19/3)


