‘බැකෝ සමන්’ගේ බිරිඳ උසාවියේ කදුළු සළයි

(සාලිය සමන්) ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි සාමාජිකයෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන ‘බැකෝ සමන්’ නැමැත්තා සමඟ අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිඳ වන සාජිකා ලක්‍ෂානි නැමැත්තිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව මත අද (4) හඬා වැටුණාය. ඇය සිය තුන්හැවිරිදි දියණිය සමඟ විත්තිය කූඩුවට කැඳවා තිබුණි. ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කිරීමෙන් පසුව මෙරට පොලිසිය භාරයේ රඳවා සිටි මිද්දෙණියේ පදිංචිකාරියක් වන සාජිකා ලක්‍ෂානි නැමැති සැකකාරිය මෙම මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අද (4) නියෝග කළේය. පාතාල නායක මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනකු ජකර්තා නුවරදී පසුගියදා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එන්.එන්. ප්‍රසංග හෙවත් බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ සහ කුඩා දරුවාද අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.