දේශීය පුවත්, ප්‍රධාන පුවත
‘අයිස්’ හදන රසායනික කන්ටේනර් මිද්දෙණියේ
(ඔගස්ටා පෙරේරා)
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට පැවසෙන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000කට ආසන්න තොගයක් මිද්දෙණිය ප්‍රදේශයේ තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය සොයාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඉන්දුනියාවේදී අත්අඩංගුවට ගත් පාතාල නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මන්දිනු පත්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කල්ලිය හෙළිකළ තොරතුරු මත මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයාගත් බවත් එම රසායනික ද්‍රව්‍ය තොගය කන්ටේනර් තුළ තිබියදීම වලදමා තිබී ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් එම කන්ටේනර් පිළිබඳව විමර්ශන මේ වන විටත් පත්වමින් සිටින බව ද උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.


