ක්රීඩා, දේශීය පුවත්
එංගලන්තය දෙවැනි තරගයත් ජය ලබයි
(ෂෙවෝන් ප්රනාන්දු, මහනුවර පල්ළෙකැලේ ක්රීඩාංගණයේ සිට..)
සත්කාරක ශ්රී ලංකා පිලට එරෙහිව මහනුවර පල්ළෙකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගනයේදී අද (1) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් එංගලන්ත පිල කඩුලු 6 ක (ඩක්වත් ලුවිස් න්යායට අනුව) ජයක් ලැබීය.
එංගලන්තය මෙම ජයග්රහණයත් සමග තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකරගත්තේය.
ජයග්රහණය සඳහා ලකුණු 190 ක ඉලක්කය හඹායමින් සිටි එංගලන්ත ඉනිමේ 8 වැනි ඕරයේදී වර්ෂාව ඇදහැලීම හේතුවෙන් පැයකට අධික කාලයක් තරඟය අත්හිටුවීමට සිදුවිය.
ඒ අනුව එංගලන්ත පිලට ඕවර 17 කදී ලකුණු 168 ක ඉලක්කයක් බාරවිය.
එංගලන්ත පිතිකරුවෝ ඕවර 16.4 කදී කඩුලු හතරක් පමණක් දැවී ලකුණු 173 ක් රැස්කිරීමට සමත් වූහ.
පළමුව පන්දුවට පහර දුන් පවන් රත්නායක පන්දු 22 කින් හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 40 ක් රැස්කළේය.
ශ්රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු කඩුලු 5 ට 189
(පැතුම් නිස්සංක 34, කමිල් මිෂාර 36, කුසල් මෙන්ඩිස් 32, පවන් රත්නායක 40, චරිත් අසලංක නොදැවී 28, ජෙෆ්රා ආචර් 42/2)
එංගලන්ත පිල ඕවර 16.4 කදී කඩුලු 4 ට 173
(ජෝස් බට්ලර් 39, ටොම් බෙන්ටන් නොදැවී 54, හැරී බෘෘක් 36, සෑම් කරන් නොදැවී 20, මතීෂ පතිරණ 47/2)


