කමිඳු – මාලිංග විස්සයි20 ලෝක කුසලාන සංචිතයට

(ෂෙවෝන් ප්‍රනාන්දු) ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරණ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවගලිය (2026) සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් සහ වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග ඇතුළත්ව සිටිති. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයයට ක්‍රීඩකයන් 15 ක් ඇතුළත්ව සිටිති. එංගලන්තයට එරෙහිව දැන් පැවැත්වෙන විස්සයි20 තරගාවලියට නම් කළ සංචිතයෙන් කමිඳු මෙන්ඩිස් ඉවත්කිරීමට තේරීම් කමිටුව කටයුතු කළ අතර පසුව එම සංචිතයේ සිටි ධනංජය ද සිල්වා ඉවත්කර කමිඳු නැවත කැඳවීය. වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග ආබාධයකට ලක්ව ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි ආරංචි පැතිර ගිය ද මාලිංග ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ලෝක කුසලාන තරගාවලිය මේ මස 7 වැනිදා ආරම්භ වේ. ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, කුසල් පෙරේරා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්‍ෂණ, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ ඒෂාන් මාලිංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.