දේශීය පුවත්, පොලිස් ඇස, ප්රධාන පුවත
පාස්පෝට් තොරතුරු සැඟවීමට නීතිඥයා – බිරිඳ මරලා
(සාලිය සමන්)
නීතිඥ බුද්ධික ගයාන් මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට හේතුව නීතිඥවරයා සතුව ‘කරන්දෙණියේ සුද්දා’ නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ විදේශ ගමන් බලපත්රයේ (පාස්පෝට්) තොරතුරු තිබීම යැයි හෙළිවී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
‘කරන්දෙණියේ සුද්දා’ නැමැත්තා ව්යාජ විදේශ ගමන් බලපත්රයකින් විදේශගතව ඇති අතර එම ව්යාජ විදේශ ගමන් බලපත්රයේ තොරතුරු නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සතුව තිබී ඇති බවත් එම තොරතුරු වෙනත් පාර්ශවයකට අතට පත්වීම වැලැක්වීමට මෙම ඝාතනය කර ඇති බවත් එම පොලිස් නිලධාරියා කීය.
මල්ලවආරච්චි මහතා ‘ලොකු පැටී’ නැමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ ද සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් ‘ලොකු පැටී’ නැමැත්තා ‘කරන්දෙණියේ සුද්දා’ විරුද්ධවාදියෙක්වීම නිසා ඔහුට තොරතුරු ලැබීම වැලැක්වීමට මෙම ඝාතනය මෙහෙයවා ඇති බව කී උසස් පොලිස් නිලධාරියා නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතාගේ බිරිඳ ද ඝාතනය කරන ලෙස වෙඩික්කරුවන්ට උපදෙස් දී ඇති බව ද සඳහන් කළේය.
නීතිඥවරයාට ටී56 ගිනිඅවියෙන් වෙඩිතැබුවේ යැයි කියන වෙඩික්කරු අම්බලන්ගොඩදී ඊයේ (21) අත්අඩංගුවට ගෙන කොළඹට ගෙනඒමෙන් පසුව කළ ප්රශ්න කිරීම්වලදී ඔහු මෙම තොරතුරු හෙළිවූ බව ද එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
අම්බලන්ගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට එම පුද්ගලයා යුද හමුදාවෙන් නීත්යානුකූලව ඉවත්වූ පුද්ගලයෙකි.


