එංගලන්තය ලකුණු 51 කින් ශ්‍රී ලංකාව පරදවයි

(ෂෙවෝන් ප්‍රනාන්දු, පල්ළෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..) විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට වටයේ’ මහනුවර පල්ළෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (22) පැවැති තරගයේදී එංගලන්ත ක්‍රීඩකයෝ ලකුණු 51 කින් ශ්‍රී ලංකාව පරාජය කිරීමට සමත් වූහ. එංගලන්තය මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාදද ලකනු 2 ක් සමගින් කාණ්ඩ අංක 2 පළමු ස්ථානයට පැමිණියේය. ජයග්‍රහණයට ලකුණු 147 ක ඉලකක්ය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 16.4 කදී ලකුණු 95 කට සීමාවිය. නායක දසුන් ශානක පන්දු 24 කින් ලකුණු 30 ක් රැස්කළේය. විල් ජැක් අංක 7 පිතිකරු ලෙස පන්දු 14 කින් ලකුණු 21 ක් රැස්කරමින්, පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 22 කට කඩුලු 3 ක් දවාගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. එංගලන්ත පිල ඕවර 20 කදී කඩුලු 9 ට 146 (පිල් සල්ට් 62, හැරී බෲක් 14, විල් ජැක් 21, ඩිල්ෂාන් මධුසංඛ 25/2, දුනිත් වෙල්ලාලගේ 26/3, මහීෂ් තීක්‍ෂණ 21/2) ශ්‍රී ලංකා පිල ඕවර 16.4 කදී සියලු දෙනා දැවී 95 (කමිදු මෙන්ඩිස් 13, දසුන් ශානක 30, ජෙෆ්රා ආචර් 20/2, විල් ජැක් 22/3, ලියම් ඩෝසන් 27/2, අදිල් රෂීඩ් 13/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.