ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්‍ෂකයන් සිව්දෙනෙක් ගැන සළකා බලමින් සිටින බවත් ඒ අතරින් හොඳම අපේක්‍ෂකයා මැතිවරණයට ඉදිරිපත් කරන බවත් එම පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ඒ අපේක්‍ෂකයන් අතර සිටින බව කී ඒ මහතා පක්ෂයක් වශයෙන් ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට ඉතාම ශක්තිමත්ව මුහුණදීමට අවශ්‍ය සියලු කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.
කුමන මැතිවරණයක් පැවැත්වුවද ඊළඟට තියෙන මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.


