ලොරේන්සේ පුතා 4’ ගැන ජාත්‍යන්තරය දැනුවත් කරයි

(ෂෙනික ගමගේ)
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුව තිබෙන්නේ යැයි කියන ‘ලොරේන්සේ පුතා 4’ නැමැති මෙරට බහුහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයන් හය දෙනා පිළිබඳව බහරේනයේ පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බලකායට දැනුම් දුන් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය.
එම යාත්‍රාව මේ වන විට කිසිඳු මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධතාවක් නොමැති බවත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ හැකි සියලුම ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කරන බව ද නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.
දික්ඕවිට ධීවර වරායෙන් මේ මස 12 වැනිදා පළමු මුහුදු ගමනට පිටත්ව ගිය එම යාත්‍රාව ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 1,160 පමණ ඈතින් අරාබි මුහුදේදී සෝමාලිකාවු මුහුදු කොල්ලකරුවන් පැහැරගෙන ඇති බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.