(ෂෙනික ගමගේ)
සංචාරක ඇෆ්ගනිස්තානු පිලට එරෙහි තරග තුනකින් සමන්විත විස්සයි20 ක්රිකට් තරගාවලියට නම් කළ ක්රීඩකයන් 16 කින් යුත් ශ්රී ලංකා විස්සයි20 සංචිතයට වේග පන්දුයවන්නන් හයක් ඇතුළත්ව සිටිති.
ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, බිනුර ප්රනාන්දු, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුසංඛ සහ නුවන් තුෂාර යන වේග පන්දුයවන්නන් එම සංචිතයට ඇතුළත්ව සිටින අතර ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක සමඟින් තුන් ඉරියව් ක්රීඩකයන් ලෙස පිළිගත හැකි ක්රීඩකයන් පස් දෙනෙක් ද සංචිතයේ සිටිති.
වසරකට අධික කාලයකට පසුව වමතින් වේග පන්දු යවන බිනුර සංචිතයට කැඳවා සිටීම ද කැපී පෙනේ.
ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර විස්සයි20 තරග තුන මේ මස 17, 19 සහ 21 යන දිනවල රංගිරි දඹුල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා විස්සයි20 සංචිතය:
වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්රම, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, බිනුර ප්රනාන්දු, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුසංඛ, නුවන් තුෂාර, අකිල ධනංජය සහ කමිඳු මෙන්ඩිස්


