(ඔගස්ටා පෙරේරා)
ඔබේ ජාතික හැදුනුම්පත භාවිතා කර වෙනත් පුද්ගලයන් දුරකථන ‘සිම්පත්’ ලියාපදිංචි කර ඇත්නම් ඒවා වාහාම විසන්ධි කළ යුතු බවත් පාවිච්චි කරන දුරකථන සිම්පත ලියාපදිංචි කර තිබේදැයි #132# දුරකථනයේ සළකුණු කර පරීක්‍ෂා කළ හැකි බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාවේ අධ්‍යක්‍ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය පවසන්නීය.
සෑම දුරකථන පාරිභෝගිකයෙක්ම තමන් පාවිච්චි කරන දුරකථන සිම්පත ලියාපදිංචි කිරීම යුතුකමක් බව කී ඇය පැවසුවේ තමන් සිම්පතක් ගෙන නොමැති දුරකථන සමාගම්වල ඔබේ නමින් ‘සිම්පත්’ ලියාපදිංචි කර තිබේදැයි එම සමාගම් සමඟ සම්බන්ධ කරගෙන පරීක්‍ෂා කළ යුතු බවත්ය.
ව්‍යාජ ‘සිම්පත්’ භාවිතා කරමින් සමාජ විරෝධි වැඩ කරන්නේ යැයි පැමිණිලි ලැබෙන බවත් කිසියම් අයකුගේ හැදුනුම්පත අස්ථාගත වූ අවස්ථාවකදී එම හැදුනුම්පත භාවිතා කර වෙනත් පාර්ශවයන් ‘සිම්පත්’ ගැනීම වැළැක්වීමට හැදුනුම්පත් අංකය දුරකථන සමාගම් හරහා අවහිර කළ යුතු බවත් මේනකා පතිරණ මහත්මිය කීවාය.



