(ෂෙනික ගමගේ)
වැටලීමක් අතරතුරදී පොලිස් නිලධාරීයෙක් ඝාතනය වූ වැලිගම හෝටලයේ අයිතිරු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් සමඟ සිය කාර්යාලයට පැමිණ එම හෝටලය සම්බන්ධයෙන් බලන ලෙස ඉල්ලා සිටි බව මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා මාධ්ය හමුවකදී පැවසීය.
එම හෝටලය ගැන පොඩ්ඩක් බලා මොනවා හරි කර දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටි බව ද අමාත්යවරයා කීය.
එම හෝටලයේ කුඩු භාවිතා කිරීමට පහසුකම් නොදෙන ලෙස සහ නැවත එම හෝටලය වටලන අවස්ථාවේදී කුඩු තිබුණ හොත් හිමිකරු ද අත්අඩංගුවට ගන්න්නේ යැයි ඔහුට අවවාද කළ බවත් ඊට පෙර එම හෝටලය පහළොස් වතාක් වටලා මත්ද්රව්ය පාවිච්චි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවත් අමාත්ය ටිරාන් අලස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.


