(ෂෙනික ගමගේ)
‘අපේ ජනබල පක්ෂයේ’ සභාපති සමන් පෙරේරා නොහොත් ‘රෝයල් බීච් සමන්’ ඇතුළු පුද්ගලයන් පස් දෙනෙක් බෙලිඅත්තේදී පසුගිය 22 වැනිදා වෙඩි තබා ඝාතන කිරීමේ මෙහෙයුමට සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙක් හක්මන පොලිසිය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකාරියන් දෙදෙනා ඝාතනයට යොදාගත් ගිනිඅවි ප්රවාහන කළේ යැයි හදුනාගෙන ඇති බවත් ඝාතනයට යොදාගත් ගිනිඅවි ඔවුන්ගේ යතුරුපැදිවලින් කරාපිටියේ සිට බූස්ස දක්වා ගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි.
රත්ගම ප්රදේශයේදී මීට පෙර අත්අඩංගුවට ගත් එම ගිනිඅවි සැගවීම සඳහා ප්රවාහනය කළ පුද්ගලයාගෙන් හෙළි වූ කරුණු මත මෙම සැකකාරියන් දෙදෙන අත්අඩංගුවට ගත් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.


