(ඔගස්ටා පෙරේරා)
‘යුක්තිය‘ මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 868 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 17 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද (30) පෙරවරුවේ පැවැසීය.
එම සැකකරුවන් 868 අතරට විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 538 ක් සහ අපරාධ අංශවලට යොමු කළ අපරාධකරුවන් ලැයිස්තුවේ සිටි තවත් සැකකරුවන් 332 ක් ඇතුළත් බවත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 5 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව ද එම අමාත්‍යංශය කියයි.


