ඩීසල් – පෙට්‍රල් – භූමිතෙල් මිල නැවතත් ඉහළ දමයි

(ඔගස්ටා පෙරේරා)
ඩීසල්, පෙට්‍රල් (ඔක්ටේන් 92) සහ භූමිතෙල් මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) රාත්‍රී නිවේදනය කළේය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 26 කින් ද, ඉහළ දැමූ බව කියන ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කළ බව ද සඳහන් කළේය.  
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 371 ක්, ඩීසල්  ලීටරයක නව මිල රුපියල් 363 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 262 බවට මිල ඉහළ දැමීත් සමඟ පත්වූ බවත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 456 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 468 ක් දක්වා අඩු වූ බවත් ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් කීය.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ද ඉන්ධන මිල ඊයේ මාධ්‍යම රාත්‍රීයේ සිටම සිපොට්කෝ මිලට සමාන කිරීමට පියවර ගත්තේය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.