(ඔගස්ටා පෙරේරා)
විදේශ ගමන් බලපත්ර ගාස්තුව හෙට (1) සිට සියයට 100 කින් ඉහළ දමා ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි.
විදේශ ගමන් බලපත්රයක් අයදුම් කිරීමේදී මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්ය සේවා ගාස්තුව මෙසේ ඉහළ නංවා ඇති බවත් ඒ අනුව රුපියල් 5,000 ක්ව පැවැති එම ගාස්තුව රුපියල් 10,000 දක්වා ඉහළ දමා ඇති බවත් එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වැඩි දුරටත් දැනගන්නට තිබේ.


