(ෂෙනික ගමගේ)
ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව ටෙස්ට් තරගයට සහභාගි වන 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙක් ලෙස ඇතුළත්ව සිටියි.
ධනංජය ද සිල්වා නායකයා ලෙස කටයුතු කරන පළමු ටෙස්ට් තරගයට වන මෙම තරගයට නම් කළ ශ්‍රී ලංකා සංචිතයට උප නායක සහ එක්දින පිලේ නායක කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් යන හිටපු නායකයන් සිවුදෙනෙක් ඇතුළළත්ව සිටීම කැපී පෙනේ. මෙම තරගය එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ලබන 2 වැනිදා ආරම්භ වීමට නියමිතය.
නවක දකුණතින් වේග පන්දු යවන්නන් වන 24 හැවිරිදි චාමික ගුණසේකර සහ 27 හැවිරිදි මිලාන් රත්නායක මෙම සංචිතයට ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය:
ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දිමුත් කරුණාරත්න, නිෂාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ළහිරු උදාර, චාමික ගුණසේකර සහ මිලාන් රත්නායක


