(අනුෂ්ක ගීතාංජන)
හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වර්තමාන පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදෙස් ගමන් තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (1) පස්වරුවේ නියෝගයක් නිකුත් කළේය.
අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා හෙට (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවට ද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.
බාල ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ ද ඔහු එහි පෙනී නොසිට වෙනත් අධිකරණ කටයුත්තක් ඇති බව දැනුම් දී තිබුණි.


