(සාලිය සමන්)
ආර්ථික සාධාරණත්වය ඉල්ලා සංකේත වැඩවර්ජනයක් අද (1) දිනයේ ක්‍රියාත්මක කළ සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක එම වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අද පස්වරුවේ තීරණය කළේය.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේෂ් මහතා එම තීරණයෙන් පසුව අද පැවසුවේ වර්ජන ක්‍රියාමාර්ග නතර කරගැනීමට සාධනීය මැදිහත්වීමක් නොලැබීම හේතුවෙන් වර්ජනය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයෑමට සිදුවූ බවත් වර්ජනය හේතුවෙන් ජනතාව අපහසුතාවට පත්වීමේ වගකීම සියයට 100 ක්ම ආණ්ඩුව සහ සෞඛ්‍ය අමාත්‍යංශය භාරගත යුතු බවත්ය.


