(ෂෙනික ගමගේ)
දකුණු අප්‍රිකාවේදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලට අද (2) අහිමිවිය.
ශ්‍රී ලංකාව සහ සත්කාර දකුණු අප්‍රිකාව අතර අද පැවැති ‘සුපිරි හය’ වටයේ තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 119 ක පහසු ජයක් ලැබීමත් සමඟ ශ්‍රී ලංකා පිලට බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.
දකුණු අප්‍රිකා වයස 19 න් පහළ පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 232
(එල්. පෙටොරියුස් 71, ආර්. නෝර්ටන් නොදැවී 41, විශ්ව ළහිරු 44/2, මල්ෂ තරුපති 46/2, සුපුන් වඩුගේ 28/2)
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඕවර 23.2 කදී සියලු දෙනා දැවී 113
(දිනුර කළුපහන 19, හිරුන් කපුරුබණ්ඩාර 16, ශරුජාන් ශන්මුගනාදන් 29, මල්ෂ තරුපති 21, කේ. මාපක 21/6, ආර්. නෝර්ටන් 28/4)


