(ඔගස්ටා පෙරේරා)
හිටපු සෞඛ්ය අමාත්ය, වර්තමාන පරිසර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොළඹ මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරිමට රැගෙන ගිය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
බාල ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් දීමට ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අමාත්යවරයාගෙන් පැය 10 කට අධික කාලයක් ප්ප්රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව රාත්රී 7.30 ට පමණ අත්අඩංගුවට ගත්තේය.


