ශ්‍රී ලංකා පිල කඩුලු 6 ට 410 යි

(ෂෙනික ගමගේ, එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ සිට..)


ශ්‍රී ලංකා පිල සහ ඇෆ්ගනිස්තාන් පිල අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන  ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (3) පස්වරුවේ ක්‍රීඩාව අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු   ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 410 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.
අද දිනයට ක්‍රීඩාව අවසන් කරන විට සදීර සමරවික්‍රම  නොදැවී ලකුණු 21ක් ලබා සිටියේය.
ඇන්ජලෝ මැතිව්ස් (141 සහ දිනේෂ් චන්දිමාල් (107) සිව්වැනි  කඩුල්ලට ලකුණු 232 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පිල ප්‍රබල තත්වයකට ගෙන ඒමට සමත් වූහ.
පළමු දිනය වූ ඊයේ ක්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා පිල කිසිවකු නොදැවී ලකුණු 80 ක් ලබා සිටියේය.
හෙට (4) තරගයේ තෙවැනි දිනයයි.
ඇෆ්ගනිස්තානය පළමු ඉනිම ඕවර 62.4 කදී සියලු දෙනා දැවී 198
(නූර් අලී ශද්‍රාන් 31, රහමට් ෂා 91, හෂ්මතුල්ලා ශහිදි 17, ඉක්‍රම් අලිකිල් 21, කුයිස් අහමඩ් 21, අසිත ප්‍රනාන්දු 24/3, විශ්ව ප්‍රනාන්දු 51/4, ප්‍රභාත් ජයසූරිය 67/3)
ශ්‍රී ලංකාව පළමු ඉනිම ඕවර 101.2 කදී කඩුලු 6 ට 410
(නිශාන් මධුෂ්ක 37, දිමුත් කරුණාරත්න 77, ඇන්ජලෝ මැතිව්ස් 141, දිනේෂ් චන්දිමාල් 107, සදීර සමරවික්‍රම නොදැවී 21,  නවීඩ් ශද්‍රාන් 80/2, කුයිස් අහමඩ් 93/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.