(ෂෙනික ගමගේ, එස්.එස්.සී ක්‍රීඩාංගණයේ සිට..)
ඇෆ්ගනිස්තානයට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර අද (4) අනතුරකට ලක්විය.
චාමික 2022 වසරේ සිම්බාබ්වේට එරෙහිව පල්ළෙකැලේදී එක්දින වරම් ලැබූ අතර එම තරගයේදී ද ආබාධයකට ලක්වීමෙන් එක්දින දිවිය මේ දක්වා ඕවරයකට සීමාවිය.
චාමික ගුණසේකර පන්දුවට පහර දෙමින් සිටියදී හිසේ පන්දුවක් වැදීමෙන් ප්‍රතිකාර සඳහා තරගයෙන් ඉවත් කරගත් අතර ඔහු වෙනුවට කසුන් රාජිත තරගයට කැඳවීය.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නව නීති රීතිවලට අනුව ටෙස්ක්‍රිකට් තරඟයක් අතරතුරදී ක්‍රීඩකයෙක් අනතුරකට හෝ ආබාධයකට ලක් වුවහොත් වෙනත් ක්‍රීඩකයෙක් ආදේශ කිරීමේ අවස්ථාව ලැබේ.


