(ඔගස්ටා පෙරේරා)
ශ්රී ලංකාවේ ප්රධානතම රාජ්ය ඔසුසළ වන කොළඹ පුරහළ රාජ්ය ඔසුසලේ සේවකයෝ වෘත්තීය හේතුවක් මත අද (9) එම ඔසුසල වසා බෙහෙත් නිකුත් කිරීම අත්හිටුවූහ.
ආණ්ඩුව අයවැය යෝජනා ඔස්සේ පොරොන්දු වූ දීමනා මෙතෙක් නොදීම හේතුවෙන් සේවකයෝ වැඩවර්ජනය ආරම්භ කළහ.
‘2023 සහ 2024 අයවැයට අදාල දීවන වියදම් දීමනාව වහා ලබාදෙනු’ ලෙස එම ඔසුසලේ ප්රධාන දොරටුවේ පුවරු ප්රදර්ශනය කර තිබුණි.
වර්ජනයත් සමඟ එහි සේවකයෝ දොරටු වසා එම පරිශ්රයට කිසිවෙක්ට ඇතුල්වීමට නොහැකි වන ලෙස කටයුතු කළහ.


