(සාලිය සමන්)
නියමිත බර ප්‍රමාණය සහ පාන්වල මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළෙඳසැල් 200 කට අධික සංඛ්‍යාවක් දින හතරක් තුළ වැටලූ බවත් එම බේකරි සහ වෙළෙඳසැල්වලට එරෙහිව ඉදිරි දිනවල නඩු පවරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.
මෙම මස 5 වැනිදා සිට 8 වැනිදා දක්වා දින හතරක් තුළ කළ වැටලීම්වලින් මෙම වෙළෙඳසැල් කොටුකර ගත් බව කී පාරිභෝගික අධිකාරිය රටපුරා වැටලීම් තව දුරටත් ක්‍රියාත්මක කරන බව ද කීය.
පාරිභෝගිකයන්ට පාන් හෝ වෙනත් භාණ්ඩයක් සම්බන්ධයෙන් ගැටලුවක් ඇතැනම් එම අධිකාරියේ 1977 යන ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස එම නිලධාරියා ඉල්ලා සිටියි.


