(ෂෙනික ගමගේ, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සිට..)
සංචාරක ඇෆ්ගනිස්තාන් පිලට එරෙහි තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ අද (9) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 42 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ලකුණු 382 ක ජයග්‍රාහි ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තාන් පිලට ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 339 ක් පමණි.
ඇෆ්ගනිස්තානු පිලේ පළමු කඩුලු 5 ඕවර දහයක් සම්පූර්ණ වීමට පෙර ලකුණු 55 කට බිඳ වැටීමෙන් පසුව අස්මතුල්ලා ඔමල්ෂායි සහ මොහොමඩ් නබී ශතක රැස් කරමින් හයවැනි කඩුල්ලට ලකුණු 242 ක සම්බන්ධතාවක් පැවැත් වූ අතර එම සම්බන්ධතාව හේතුවෙන් ශ්‍රී ලංකා ජයග්‍රහණය අවදානමකට ද ලක්විය.
අස්මතුල්ලා ඔමල්ෂායි, ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රහාරයකට ලක්කරමින් පන්දු 115 කින් හතරේ පහර 13 ක් සහ හයේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 149 ක් රැස්කිරීමට සමත් විය.
මොහොමඩ් නබී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 130 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 136 ක් රැස්කරමින් හයවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 3 ට 381
(පැතුම් නිස්සංක නොදැවී 210, අවිෂ්ක ප්‍රනාන්දු 88, කුසල් මෙන්ඩිස් 16, සදීර සමරවික්‍රම නොදැවී 44, ෆරීඩ් අහමඩ් 79/2, මොහොමඩ් නබී 44/1)
ඇෆ්ගනිස්තානු පිල ඕවර 50 යේදී කඩුලු 6 ට 339
(අස්මතුල්ලා ඔමල්ෂායි නොදැවී 149, මොහොමඩ් නබී 136, ප්‍රමෝද් මධුෂාන් 75/4, දුෂ්මන්ත චමීර 55/2)



