ෂෙනික ගමගේ, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සිට..)
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන් මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට තරගාවලියේ ඉතිරි තරග අහිවීමෙන් සංචිතයට කැඳවූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කැඳවූ අතර ඔහු මෙම තරගයට ක්‍රීඩා කරයි.
ඇෆ්ගනිස්තානු පිලේ වෙනස්කමක් කරමින් නූර් අහමඩ්ගේ ස්ථානයට කුයිස් අහමඩ් මෙම තරගයට කැඳවා ඇත.
ශ්‍රී ලංකා පිල:
අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන් සහ ඩිල්ෂාන් මධුසංඛ
ඇෆ්ගනිස්තාන් පිල:
රමනුල්ලා ගුර්බාෂ්, ඊබ්‍රහිම් ශද්‍රාන්, රහමට් ෂා, හෂ්මතුල්ලා ශහිදි, ඉක්‍රම් අලිකිල්, අස්මතුල්ලා ඔමල්ෂායි, ගුල්බඩීන් නබී, මොහොමඩ් නබී, කුයිස් අහමඩ්, ශසහක් ෆාරුක් සහ ෆරීඩ් අහමඩ්




