වැලිකඩ බන්ධනාගාර රෝහලේ ‘හොර ලෙඩ්ඩු’ පිරෙයි

(සාලිය සමන්)


වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසික රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑමෙන් එම රෝහල තුළ දැඩි තදබදයක් නිර්මාණය වී ඇති බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය පවසයි.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් වෙනුවෙන් ඇඳන් 185 ක රෝහලක් පවතින බවත් එහි මීට දින දෙකකට පෙර රැඳවියන් 344 ක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බවත් බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය කීය.
වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෙන්ව වාට්ටු පහක් ස්ථාපිත බවත් සායනික රෝගීන් 61 ක්, කායික රෝගීන් 62 ක්, බෝවන රෝගීන් 82 ක්, මානසික රෝගීන් 110 ක් සහ ක්ෂය රෝගීන් 29 ක් ප්‍රතිකාර ලබමින් සිටි අතර ඒ අතර ‘පැපොල’ රෝගීන් 54 ක් ද, සිටින බවත් එම කාර්යාලය සඳහන් කරයි. රටපුරා බන්ධනාගාර 30 රෝහල් ස්ථාපති කර ඇති අතර බරපතල තත්වයේ සිටින රෝගීන් ආසන්නම රෝහල වෙත යොමු කරන බවත් අවහ්‍යතාව අනුව කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වලට ද යොමු කරන බවත් එම කාර්යාලය කීය.
ව්‍යාජ ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කරන සිටින හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද වැලිකකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන අතර එහි ප්‍රතිකාර ලබන වැඩි පිරිසක් රෝගීන් ලෙස රඟදක්වන රැඳවියන් බවත් එම බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.