විස්සයි20 ප්‍රවේශපත් විකිණී අවසන්  


(ෂෙනික ගමගේ)


ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි20 තරග දෙකේ ප්‍රවේශපත් අළෙවි කර අවසන් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (18) පෙරවරුවේ පැවසීය.  
සියලුම ප්‍රවේශපත් අළෙවි වීම නිසා කොළඹ සහ දඹුල්ල පිහිටුවා තිබූ ප්‍රවේශපත් කවුළු ඇතුළුව සියලුම ප්‍රවේශපත් කවුළු වසා ඇති බව කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එම නිලධාරියා ප්‍රවේශපපත් කවුළුවලට පැමිණ අපහසුතාවට පත්නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය.
දෙරට අතර දෙවැනි විස්සයි20 තරගය හෙට (සඳුදා) ද, අවසන් තරගය 21 වැනිදා (බඳාදා) ද, පැවැත්වේ.
පළමු විස්සයි20 තරගය ප්‍රේක්‍ෂකයන් 18,000 ක් පමණ නැරඹූ බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.