(ෂෙනික ගමගේ)
නජ්මුල් හොසේන් ශන්ටෝ (නොදැවී 122) සහ මුෂ්ෆිකූර් රහීම් (නොදැවී 73) පස්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 165 ක නොබිඳුණු සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකාවට එරෙහිව චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ අද (13) පැවැති පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශ පිල කඩුලු 6 ක පහසු ජයක් ලැබීය.
බංග්ලාදේශ පිල ලකුණු 256 ක ඉලක්කය ඕවර 44.4 කදී කඩුලු 4 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
නායක නජ්මුල් හොසේන් ශන්ටෝ පන්දු 129 කින් හතරේ පහර 13 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 122 ක් රැස් කරමින් ජයග්‍රහණය නියමුව බවට පත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 48.5 කදී සියලු දෙනා දැවී 255
(පැතුම් නිස්සංක 36, අවිෂ්ක ප්‍රනාන්දු 33, කුසල් මෙන්ඩිස් 59, චරිත් අසලංක 18, ජනිත් ලියනගේ 61, ටන්ෂිම් හසන් සකීබ් 44/3, ටස්කින් අහමඩ් 60/23, ෂොරිෆුල් ස්ලාම් 51/3)
බංග්ලාදේශ පිල ඕවර 44.4 කදී කඩුලු 4 ට 257
(නජ්මුල් හොසේන් ශන්ටෝ නොදැවී 122, මහුමුදුල්ලා 37, මුෂ්ෆිකූර් රහීම් නොදැවී 73, ඩිල්ෂාන් මධුසංඛ 35/2)


