පැතුම් නිස්සංක කඩුල්ල පුදකර යයි


(ෂෙනික ගමගේ)
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි සහ අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 235 කට සීමාවිය.
ජනිත් ලියනගේ ශ්‍රී ලංකා පිලේ ගැලවුම්කරු බවට පත්වෙමින් පන්දු 102 කින් හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 101 ක් රැස්කළේය. ජනිත්ගේ ශතකය නොවන්නට ශ්‍රී ලංකා පිල අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යෑමට ඉඩ තිබුණි.
පැතුම් නිස්සංක ලකුණක් පමණක් ලබා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය අතර එහිදී පැතුම් විනිසුරු තීරණ නැවත විමසීමට යොමු නොකර පිටියෙන් ඉවත්වූ අතර එම පන්දුව කඩුල්ලෙන් පිටතට දෝලනය වන බව පුනුරූපනවලින් තහවුරු විය.
පැතුම් එය තෙවැනි විනිසුරුට යොමු කළේ නම් තව දුරටත් පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිවේ.  
කුසල් මෙන්ඩිස් කාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී සියලු දෙනා දැවී 235
(කුසල් මෙන්ඩිස් 29, චරිත් අසලංක 37, ජනිත් ලියනගේ නොදැවී 101, මහීෂ් තීක්‍ෂණ 15, ටස්කින් අහමඩ් 42/3, මුස්ටෆිෂූර් රහමන් 39/2, මෙහෙදි හසන් මිරාෂ් 38/2) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.