බංග්ලාදේශ ‘පොඩ්ඩා’ වනිඳුට තලයි


(ෂෙනික ගමගේ)
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව යොවුන් පිතිකරු රිෂාඩ් හොසේන් දියත් කළ අනපේක්‍ෂිත ප්‍රහාරය හේතුවෙන් චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේදී අද (18) පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් බංග්ලාදේශය කඩුලු 4 කින් ජය ලැබීය.
මෙම ජයග්‍රහණයත් සමඟ බංග්ලාදේශය තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීය.
දඟ පන්දු යවන 21 ක් හැවිරිදි රිෂාඩ් හොසේන් අංක 8 පිතිකරු ලෙස අනපේක්‍ෂිත ප්‍රහාරයක් දියත් කරමින් පන්දු 18 කින් නොදැවී ලකුණු 48 ක් රැස්කළේය. ඔහුගේ ලකුණු 48 ට හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් විය.
වනිඳු හසරංග යැවූ ඉනිමේ 40 වැනි ඕවරයට රිෂාඩ් හොසේන් හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 24 ක් (6,6,4,4,4,0) රැස්කිරීම කැපී පෙනුණි.
ටන්ෂිඩ් හසන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 81 කින් හතරේ පහර 9 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 84 ක් රැස්කරමින් තරගයේ පාලනය බංග්ලාදේශය වෙත හැරවීය.  
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී සියලු දෙනා දැවී 235
(කුසල් මෙන්ඩිස් 29, චරිත් අසලංක 37, ජනිත් ලියනගේ නොදැවී 101, මහීෂ් තීක්‍ෂණ 15, ටස්කින් අහමඩ් 42/3, මුස්ටෆිෂූර් රහමන් 39/2, මෙහෙදි හසන් මිරාෂ් 38/2)
බංග්ලාදේශ පිල ඕවර 40.2 කදී කඩුලු 6 ට 237
(ටන්ෂිඩ් හසන් 84, තව්හිඩ් රිඩෝයි 22, මුෂ්ෆිකූර් රහීම් නොදැවී 37, මෙහෙදි හසන් මිරාෂ් 25, රිෂාඩ් හොසේන් නොදැවී 48, ළහිරු කුමාර 48/4, වනිඳු හසරංග 64/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.