(සාලිය සමන්)
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තු පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝප් කමිටුවේ’ සභාපති ධූරයට පත්වීමෙන් පසුව එම කමිටුවේ සාමාජිකත්ව දැරූ මන්ත්රීවරු 7 ක් සාමාජිකත්වයෙන් අද (19) පස්වරුව වන විට ඉවත්ව තිබේ.
සමගි ජන බලවේගයේ මන්ත්රී එරාන් වික්රමරත්න මහතා එම කමිටුවේ සාමාජිකත්වයෙන් ඊයේ (18) ඉල්ලා අස්වූ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරු වන දයාසිරි ජයසේකර, මහාචාර්ය චරිත හේරත්, ගාමිණි වලේගොඩ, සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරු වන එස්. එම්. මරික්කාර සහ හේෂා විතානගේ සහ දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්රී රාසමානික්කම් සානක්යන් යන මහත්වරු අද (19) එම කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූහ.
මහාචාර්ය චරිත හේරත් මහතා ‘කෝප්’ කමිටුවේ හිටපු සභාපතිවරයෙකි.


