(ෂෙනික ගමගේ)
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටි දඟ පන්දු යවන තුන් ඉදිරියව් ක්‍රීඩක ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක වනිඳු හසරංග ටෙස්ට් සංචිතයට කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
බංග්ලාදේශයට එරෙහිව ලබන 22 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ 17 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා වනිඳු හසරංග අතුළත්ව සිටියි.
වනිඳු පසුගිය වසරේ අගෝස්තු මස 15 වැනිදා ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 4 කට සහභාගි වී ලකුණු 196 ක් රැස්කරමින් කඩුලු 4 ක් දවාගෙන සිටියේය.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දිමුත් කරුණාරත්න, නිෂාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ළහිරු උදාර, වනිඳු හසරංග, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, නිෂාන් පීරිස්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ චාමික ගුණසේකර


