(ඔගස්ටා පෙරේරා)
රට පුරා පොලිස් ස්ථානවල බීමත් රියදුරන් හදුනාගැනීම සඳහා භාවිතා කරන ‘බැලුන්’ නොමැතිවීමෙන් රථවාහන පොලිස් ඒකක අපහසුතාවට පත්ව සිටියි.
රියදුරන් බීමත්ව සිටින්නේ යැයි සැක සහිතව භාරයට ගෙන බීමත්ව සිටින්නේ යැයි තහවුරු කරගැනීම සඳහා මෙම ‘බැලුන්’ පරීක්‍ෂාව යොදාගන්නා බවත් මෙම ‘බැලුන්’ පරීක්‍ෂාව අධිකරණයට සාක්‍ෂියක් ලෙස ද ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි.
මෙම තත්වය හේතුවෙන් බීමත් යැයි සැක සහිත පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත්කිරීමේ ගැටලුවක් මතුවී ඇති බව ද කියන පොලිසිය රට පුරා පොලිස් ස්ථානවල එම ‘බැලුන්’ 2000 කට අඩු ප්‍රමාණයක් පවතින අතර පොලිස් දෙපාර්තමේන්තුව සතුව ‘බැලුන්’ තොග නොමැති බව ද පොලිසිය කීය.


