(සාලිය සමන්)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘පාස්කු දින’ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී) පැමිණෙන ලෙස දැනුම්දීමක් කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (24) පැවසීය.
එම දැනුම්දීමට අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි පැය 48 ට තුළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඒ මහතා ප්‍රකාශයක් දීමට නොපැමිණිය හොත් අධිකරණයට වාර්තා කර නීතිමය පියවර ගන්නා බවත් පොලිස්පතිවරයා කීය.
හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසුව ඒ පිළිබඳව විමර්ශනයක් කළ යුතු බව කී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉන් පසුව ඉදිරි පියවර ගන්නා බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සිකුරාදා පැවසුවේ ‘පාස්කු දින’ ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ ප්‍රහාරයක් පිළිබඳව තමන් දන්නා බවයි.


