(ඔගස්ටා පෙරේරා)
‘පාස්කු ඉරුදින‘ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමියන්ට ජාතික ජන බලවේගය බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අද (18) පෙරවරුවේ බාරදුන්නේය.
2019 වසරේ පාස්කු ඉරුදින කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරගනිමින් අන්තවාදීන් කණ්ඩායමක් කළ ම්ලේච්ච මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිතවලට, එම ප්‍රහාරය මගින් අසරණ වූ පවුල්වල සාමාජිකයන්ට සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව සහ එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍රව සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කරන ප්‍රධාන කරුණු 7ක් එම ලියවිල්ලට ඇතුළත්ව තිබේ.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, නීතිඥ සුනිල් වටගල, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රොහාන් ප්‍රනාන්දු සහ අරුණ ශාන්ත නෝනිස් යන අය මෙම හමුවට සහභාගි වූහ.



