‘පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් සැමරුම් මාලාවක් 


(සාලිය සමන්)
මීට වසර පහකට පෙර එනම් 2019 වසරේ එල්ල කළ  ‘පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් සිහිකිරීමේ ප්‍රධාන සැමරුම කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (21) පෙරවරු 8.40 ට පැවැත්වේ.
‘පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් සිහිකරන සැමරුම් මාලාවක් හෙට සහ අනිද්දා (20 සහ 21) ක්‍රියාත්මක කරන බවත් ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂක, ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසූහ.
හෙට – 20 වැනිදා (සෙනසුරාදා)
● පස්වරු 4.00 ට කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ පැවැත්වෙන දිව්‍ය පූජාව.
● පස්වරු 5.30 ට සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයෙන් ඇරඹෙන යැදුම් පාගමන. එම පාගමන කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා පාගමනින්. එය හෙට (21) ඉරුදින පෙරවරු 7.30 ට පමණ කටුවපිටිය දේවස්ථානයට ලඟාවීමට නියමිතය.
අනිද්දා – 21 වැනිදා (ඉරිදා)  
● පෙරවරු 8.40 ට කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සර්ව ආගමික නායකයින්ගේ සහ තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන 5 වැනි සැමරුම.
(පෙරවරු 8.45 ට සියලු ආගමික ස්ථානවල සීනු නාද කිරීම සහ මිනිත්තු 2 ක නිශ්ශබ්ධතාවය රැකීම)
● පස්වරු 3.00 ට මීගමුව මාරිස්ටෙල්ලා විදුහල් භූමීයේදී පැවැත්වෙන සැමරුම.
● පස්වරු 3.30 ට මාරිස්ටෙල්ලා භූමීයෙන් ආරම්භ කර කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා රදගුරුතුමන්ලා, සර්ව ආගමික නායකයින් සහ ජනතාවගේ සහභාගීත්වයෙන්  ගමන්කරන යාච්ඥාවේ පාගමන.
● ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සියලුම රදගුරු තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන යාච්ඥා මෙහෙය කටුවපිටිය දේවස්ථානයේදී.
● දේවස්ථානවලදී මියගිය සැඳැහැවතුන්ව ‘විශ්වාසයේ සාක්ෂිකරුවන්’ ලෙස නම්කරන්නැයි ඉල්ලමින් කතෝලික සැඳැහැවතුන් අති උතුම් කාදිනල් හිමිපාණන් වෙත තම අත්සන් පිටපත් භාරදීම. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.