(ඔගස්ටා පෙරේරා)
ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීමට ප්‍රසිද්ධ ව්‍යාපාරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාට වැඩි කොටස් හිමිකමක් ඇති හේලීස් සමූහය අභිලාෂ ඉදිරිපත් කර ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මිලදී ගැනීමට සමාගම් 6 ක් අභිලාෂ ඉදිරිපත් කර ඇති බවත් ඒ අතර මෙරට ප්‍රධානතම සමාගමක් වන හේලීස් සමාගම ද සිටින බවත් මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව සඳහන් කරයි.
හේලීස් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 51 කට වැඩි ප්‍රතිශතයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාට හිමිව තිබේ.


