චමරි අතපත්තු ක්‍රිකට් ලොව මුදුනටම නගී  


(ෂෙනික ගමගේ)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්ව තිබේ.
චමරි අතපත්තු ප්‍රසාද ලකුණු 773 ක් හිමිකරගෙන ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණියාය.
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති අවසන් එක්දින තරගයේදී චමරි නොදැවී ලකුණු 195 රැස්කිරීමට පෙර එක්දින පිතිකාරියන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ පසුවූවාය.
ඇය ලෝක එක්දින ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර නවවැනි ස්ථානයේ ද, විස්සයි20 ක්‍රිකට් පිතිකාරියන්ගේ සහ තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර හත්වැනි ස්ථාන ද, හිමිකරගැනීමට සමත්ව සිටිනීය.
චමරි එක්දින ජාත්‍යන්තර තරග 101 කදී ලකුණු 3,513 ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 125 කදී ලකුණු 2,731 ක් රැස්කරමින් ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ බැබලෙන තරුවක් බවට පත්ව සිටින්නීය.
එංගලන්ත පිතිකාරී නතාලි සීවර් ප්‍රසාද ලකුණු 764 ක් ලබා ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ ද, දකුණු අප්‍රිකානු පිතිකාරී ලයුරා වොල්වාර්ඩ්ට් ප්‍රසාද ලකුණු 718 ක් ලබා එහි තෙවැනි ස්ථානයේ ද, පසුවෙති.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.